General22 June 2026

බාල වයස්කාර සිඟිත්තියක් කෲරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්

සිය පෙම්වතියගේ බාල වයස්කාර සිඟිත්තිය කෲරත්වයට පත් කළැයි කියන සිද්ධියකට අදාලව පිටකොටුව පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(22) නියෝග කළා.

පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිටකොටුව බැස්ටීයන් මාවතේ පදිංචි ලක්ෂිත තුෂාර ධනංජය පෙරේරා නැමති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මෙම සැකකරු විසින් දැරිය කෲරත්වයට පත්කර ඇත්තේ දැරිය නිතර අඬනවා යැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

කුඩා දැරියකට පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

ලද පැමිණිල්ලකට අනුව පිටකොටුව පොලිසියේ කාන්තා කාර්යාංශය කළ දැනුවත් කිරීම අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

සැකකරු කොළඹ බැස්ටියෙන් මාවත පැරැණි බස් නැවතුම්පොලේ අංක 21 දරණ කඩ කාමරය නැවතී සිටින පුද්ගලයෙක් බවත් දැරියගේ මව 23 හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය අධිකරණයට දැන්වුවා.

දැරියගේ මව පවසන ආකාරයට මෙම දරුවාට මීට පෙර දීන රාත්‍රියේදී පහරදී තිබෙන බවයි පොලිසිය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes