General23 June 2026

කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්

රජය විසින් කෙසෙල් ගස්වල පටවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට පෙර, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති මෙරට පවතින ඇඟලුම් කර්මාන්තශාලා සුරක්ෂිත කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා මේ වන විට අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි.

"වත්මන් ආර්ථික අර්බුදය නිසා ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා තියෙන්නේ ඉතාමත් අවදානම් අඩියක. ඒ නිසා මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ තමයි ඒ කර්මාන්තශාලා ටික රැකගන්න එක. කෙසෙල් පටවලින් රෙදි නිෂ්පාදනය කරන්න හිතන්න කලින් රජය මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි" යැයි විපක්ෂ නායකවරයා එහිදී පවසා සිටියා.

කෙසෙල් ගස්වල පට උපයෝගී කරගනිමින් රෙදිපිළි නිෂ්පාදනය කිරීමේ සැලසුමක් පවතින බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මෑතකදී සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
Related recommendation
Hiru TV News | Programmes