කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයක් තුළදී රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා ගත්තැතයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් පරීක්ෂකවරයා ලබන ජූලි මස 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (23) නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව, කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරී සිදු කළ උදය කුමාර නමැති පොලිස් පරීක්ෂකවරයෙක්.
අල්ලස් කොමිසම වෙත ව්‍යාපාරිකයකු විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ඊයේ (22) රාත්‍රියේ මෙම වැටලීම සිදු කර තිබුණා.
පැමිණිලිකරුට අයත් වාහනයක් සම්බන්ධයෙන් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් පවත්වා ඇති අතර, එම වාහනයට එරෙහිව අධිකරණය හමුවේ අපරාධමය චෝදනා ගොනු නොකර, සාමාන්‍ය පරිදි කරුණු වාර්තා කර වාහනය නැවත අයිතිකරුට ලබා දීමට කටයුතු කිරීම සඳහා සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් ලක්ෂ 11ක මුදලක් ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
එම එකඟ වූ මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ඉකුත් 30 වැනිදා අල්ලස් වශයෙන් ලබාගෙන ඇති අතර, එහි ඉතිරි මුදල වූ රුපියල් ලක්ෂ 10ක මුදල ඊයේ (22) රාත්‍රියේ කළුතර හෝටලයක් තුළදී ලබා ගනිමින් සිටියදී, එහි රැක සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුව මුදල ද සමඟ අත්අඩංගුවට ගත් බවයි එම කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
Latest News
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026