"වී මිල පහත හෙළනු එපා!", "වී ගබඩා වහා විවෘත කරනු!" සහ "වී සඳහා සහතික මිලක් ලබා දෙනු!"යන ඉල්ලීම් මුල් කරගනිමින් ගොවි ජාතික සමුළුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (23) පෙරවරුවේ තිරප්පනේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණා.
මෙම විරෝධතාව සඳහා ගොවි ජාතික සමුළුවේ තිරප්පනේ ගොවිජන කේන්ද්‍ර සභාව නියෝජනය කරමින් ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියා.
පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ ගොවීහු, අනතුරුව තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය හමුවී සංදේශයක් බාර දුන්නා.
තිරප්පනේ ගොවීන්ට බලපා ඇති වී අලෙවි කර ගැනීමේ ගැටලුව සහ රජයේ වී ගබඩාවක් නොමැතිකම පිළිබඳව එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළා.
සංදේශය භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ, ඉදිරියේදී ගොවීන්ට වී අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය ගබඩාවක් වී අලෙවි මණ්ඩලය සමඟ සාකච්ඡා කර විවෘත කිරීමට කටයුතු සූදානම් කර දෙන බවයි.
එහිදී ගොවි නියෝජිතයන් මෙලෙස අදහස් දැක්වුවා.
විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගොවි ජාතික සමුළුවේ විධායක කමිටු සාමාජික සංජීව බණ්ඩාර සහ ගොවිජාතික සමුළුවේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික රුවන් මධුරංග යන මහත්වරුන් මෙසේ පවසා සිටියා.
"ප්‍රදේශයේ ගොවීන්ට තමන්ගේ අස්වනු අලෙවි කර ගැනීමට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම වී මිලදී ගැනීමට රජයේ වී ගබඩාවක් නොමැතිකම නිසා අද ගොවියෝ බරපතළ ගැටලුවලට මුහුණ දීලා ඉන්නවා. මේවට රජය වහාම මැදිහත් වෙන්න ඕනේ."
අස්වනු නෙළන කාලසීමාවේදී තැරැව්කරුවන් අතට පත් නොවී, තමන්ට සාධාරණ සහතික මිලක් සහ වී ගබඩා කිරීමේ පහසුකම් කඩිනමින් සලසා දෙන ලෙස ගොවීහු මෙහිදී ආණ්ඩුවට දැඩිලෙස බලකර සිටියා.

Latest News
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026