General23 June 2026

ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා

දෑත් සහ දෙපා බැඳ ඝාතනය කළ බවට සැක කෙරෙන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (23) සවස ගිං ගඟේ වක්වැල්ල පාලම අසල තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම සිරුර දියේ ගිලීමට සැලැස්වීම සඳහා විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් කැබැල්ලක්ද දෙපාවල ගැටගසා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

බද්දෙගම දොඩංගොඩ ආසන්න ප්‍රදේශයේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව තෙලිකඩ පොලිසිය විසින් එම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

එම මළ සිරුර විටින් විට වතුරේ උඩ පාවෙමින් ගසාගෙන යනු නිරීක්ෂණය වූ බවයි දුටුවන් පවසන්නේ.

ගඟේ රළුවීම හේතුවෙන් මෙය පහළට ගසාගෙන ගොස් තිබූ අතර පසුව එම මළ සිරුර පෝද්දල පොලිස් වසමට අයත් වක්වැල්ල පාලම අසල සිරවී තිබියදී සොයා ගත්තා.

මේ වනතෙක් මළ සිරුර හඳුනාගෙන නොමැති අතර අවුරුදු 40-50 අතර පුද්ගලයකුගේ බවටයි සැක කෙරෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes