General24 June 2026

‘ඊසි කෑෂ්’ ක්‍රමයට ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

දිගු කලක සිට ඉතා සූක්ෂ්ම ලෙස ‘ඊසි කෑෂ්’ (Easy Cash) ක්‍රමවේදය භාවිත කරමින් ගාල්ල නගරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන ගිය පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51ක් ද සමඟින් ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, ගල්වඩුගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු දිගු කලක් තිස්සේ පොලිසිය මඟහරිමින් කිසිදු සැකයක් නොසිතෙන පරිදි මෙම ‘ඊසි කෑෂ්’ ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (25) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Related recommendation
Hiru TV News | Programmes