දිගු කලක සිට ඉතා සූක්ෂ්ම ලෙස ‘ඊසි කෑෂ්’ (Easy Cash) ක්‍රමවේදය භාවිත කරමින් ගාල්ල නගරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන ගිය පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51ක් ද සමඟින් ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, ගල්වඩුගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු දිගු කලක් තිස්සේ පොලිසිය මඟහරිමින් කිසිදු සැකයක් නොසිතෙන පරිදි මෙම ‘ඊසි කෑෂ්’ ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (25) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Latest News
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026