General24 June 2026

සතියක් තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 57කට සහ ආයතන 27කට ලක්ෂ 14ක දඩ

මදුරුවන් බෝවීමට සැලස්වීමේ චෝදනාව මත මේ සතිය තුළ පුද්ගලයන් 57කට සහ ආයතන 27ක් වටලා දහහතර ලක්ෂ දස දහසක (14,10000/=) දඩ මුදලක් නියම කළ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.

මෙම සතිය ( පුනි 17 සිට අද (24)) තුළ ගොතටුව බල ප්‍රදේශය කරන ලද වැටලීම්වලින් මදුරුවන් බෝවීමට සැලැස්වීමට කටයුතු කළ පුද්ගලයන් 57ක් සහ ආයතන 23 ක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල් නියම වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂා කරමින් පෙන්වා දෙන්නේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න විසින් මෙම දඩ මුදල් නියම කර තිබුණා.

ඩෙංගු මැදුරුවන් බෝවන ස්ථාන සොයා තවදුරටත් වැටලිම් සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුවන් දන්නා සිටියේ.

මෙම වැටලීම් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන පරිපාලන වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත සිදු කරන බවයි ඔවුන් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes