International25 June 2026

වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට

වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට අන්තර්වාර ජනපති ඩෙල්සි රොඩ්‍රිගස් මේ පිළිබඳව පවසා සිටියා.

රික්ටර් මාපක 7.2 ක සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් ඇති බවයි වැඩබලන ජනපති මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයිද ප්‍රකාශකර සිටියා.

මෙම භූමිකම්පා සියවසකට වැඩි කාලයක් තුළ වෙනිසියුලාවට බලපෑ ප්‍රබලම භූමිකම්පා අතරට අයත් වන අතර, එහි කම්පනය මුළු කලාපයටම දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙනිසියුලාවේ අගනුවර වන කරකාස් සිට කිලෝමීටර් 1,700 ක් (සැතපුම් 1,050 ක්) පමණ දුරින් පිහිටි බ්‍රසීලයේ ඇමසන් කලාපය වැනි ඈත ප්‍රදේශවල පවා ගොඩනැගිලිවල සිටි ජනයා ඉවත් කිරීමට පියවර ගැනුනා.
Related recommendation
Hiru TV News | Programmes