General25 June 2026

භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා

මහත් ආන්දෝලනයට තුඩුදුන් ඩොලර් මිලියන 2.5ක මහ භාණ්ඩාගාර මුදල් කොල්ලය පිළිබඳ වගකීම දැරීමට මහ බැංකුව බැඳී නැතැයි මහ බැංකුවේ අධිපතිවරයා පවසා තිබෙනවා.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මුදල් කාරක සභාව හමුවේ කළ මෙම ප්‍රකාශය පිළිබඳව අද (25) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අදහස් දක්වා සිටියා.

ජාතික පරිසර සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

"විදේශ ණය ගෙවීමේදී වැරදි ගිණුමකට යෑමයි සිද්ධිය පරීක්ෂණය කරද්දී මහ බැංකු අධිපතිතුමා මුදල් කාරක සභාවේදී කියනවා අපි මේකට බැඳිලා නැහැ කියලා. මූල්‍ය හුවමාරු රෙගුලාසි පනතට වගකියන්න අවශ්‍ය නැහැ කිව්වා.

ඒක නීතිපති දෙපාර්තමේන්තුවත් අනුමත කළා. මුදල් යැවීමේදී මම කිව්වා ඒ පනතේ වගන්තිය යටතේ සියලුම ආයතන වගකියන්න ඕන කියලා. මුදල් හුවමාරු කිරීමේ පනත පැහැදිලියි" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes