වර්ෂ 2023 සිදුවූ බව කියන අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25) රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියළු තනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කර ඇත්තේ, මෙම අල්ලස් සිද්ධිය සිදු වූ බව කියන 2023 වසර වන විට ඔහු සිය පක්ෂයේ සාමාජිකයකු ලෙස හෝ සංවිධායකවරයකු ලෙස හෝ කටයුතු කර නොමැති බවයි.
එසේම ඔහු එවකට සමගි ජන බලවේගයේ කිසිදු තනතුරක් නොදැරූ බවද මහලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
තවද, සමගි ජන බලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බවයි මහලේකම්වරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

Latest News
වෙනිසියුලා භූමිකම්පාවෙන් මරණ සංඛ්‍යාව 589 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්
Local
26 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙටත් වැසි
Local
26 June 2026
ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ
Local
26 June 2026
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 2.77කින් ඉහළට
Local
26 June 2026
හිඟ බදු ගෙවනවාද? නැද්ද? දන්වන ලෙස ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝග
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරු, බිරිඳ, OIC සහ රියදුරු ජුලි 09 දක්වා රිමාන්ඩ්
Local
26 June 2026
ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට BRICS සංවිධානයට වැදගත් භූමිකාවක් තිබෙනවා - ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ OIC ගැන සැකකාර පෙම්වතා වමාරයි
Local
26 June 2026