General26 June 2026

සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

වර්ෂ 2023 සිදුවූ බව කියන අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25) රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියළු තනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කර ඇත්තේ, මෙම අල්ලස් සිද්ධිය සිදු වූ බව කියන 2023 වසර වන විට ඔහු සිය පක්ෂයේ සාමාජිකයකු ලෙස හෝ සංවිධායකවරයකු ලෙස හෝ කටයුතු කර නොමැති බවයි.

එසේම ඔහු එවකට සමගි ජන බලවේගයේ කිසිදු තනතුරක් නොදැරූ බවද මහලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

තවද, සමගි ජන බලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බවයි මහලේකම්වරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes