General01 July 2026

ගලි බවුස‍ර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය

ගලි බවුසර් රථ 100ක් ඇතුළු උපයෝගිතා වාහන 535ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකටයි මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ.

අදාළ ආයතන සතුව පවතින උපයෝගිතා වාහනවල හිඟය රජයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි බාධාවක් වී ඇති බව හඳුනාගෙන තිබුණා.

ඊට පිළියමක් ලෙස අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට නියමිතයි.

මේ අනුව ට්‍රැක්ටර් 175ක්, ගලි බවුසර් 100ක්, බැකෝ යන්ත්‍ර 100ක් සහ ටිපර් රථ 160ක් මිලදී ගැනීම ගැනීමට නියමිත බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes