General07 July 2026

මීගමුව බන්ධනාගාරයේ ස්ථානීය පරීක්ෂණයට මහේස්ත්‍රාත්වරිය යයි

මීගමු බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුමට අදාලව ස්ථානීය පරීක්ෂණය සඳහා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (07) බන්ධනාගාර පරිශ්‍රය වෙත ගොස් තිබුණා.

මහේස්ත්‍රාත්වරිය මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සිදුවූ ස්ථානය වෙත අද (07) පාන්දර 2.00ට පමණ ගොස් තිබූ බවයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව මීගමුව පොලිසිය අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබූ අතර, පසුව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂානි අබේසේකර ද මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා අධිකරණයට ගොස් තිබුණා.

ඒ, එම සිද්ධියේ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසුයි.

පවත්නා නොසන්සුන් තත්ත්වය හේතුවෙන් අද (07) දින පැවැති කිසිදු නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාර නිලධාරීන් සහභාගී වී නොසිටි බව වාර්තා වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes