මීගමු බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීම සඳහා කාලය ප්‍රමාණවත් නැති බව කියමින් "කටුවැල්ලේගම සුරේෂ්" නමැත්තා බන්ධනාගාර නිලධාරියකුට මරණ තර්ජනය කර කලහාකාරීව හැසිරීමත් සමඟම බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් සිලනි පෙරේරා හමුවේ අද (14) කරුණු වාර්තා කර තිබුණා.
මෙම ගැටුම ඉකුත් 05 වැනිදා සහ 06 වැනිදා සිදුවූ අතර ඉන් 31 දෙනකු ජීවිතක්ෂයට පත් වු අතර ඉන් 10 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන්.
මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 136 දෙනකුගෙන්, රැඳවියන් 141 දෙනකුගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 09 දෙනකුගෙන් මෙම සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම සිද්ධිය පාලනය කිරීම සඳහා බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනකු කොළඹින් මීගමුවට ඇවිත් ඇති බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
සිද්ධියට අදාල වැඩිදුර විභාගය ලබන 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
Latest News
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
17 July 2026
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026