General24 July 2026

වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට

වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) රාත්‍රී කාලයේදී කාර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මරණකරු වයස අවුරුදු 39ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය විසින් සැක පලකරනු ලබන්නේ.

Related recommendation
Hiru TV News | Programmes