එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෝල්කර් ටර්ක්ගේ (Volker Turk) ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ (24) පැවැති ඡන්ද විමසීමේදී වැඩිඡන්දයෙන් තීරණය කර තිබෙනවා.
ඒ, රුසියාවේ සහ ඊශ්‍රායලයේ විරෝධතාව මෙන්ම තමන් සපයන අරමුදල් සහ මැදිහත්වීම් නැවත සමාලෝචනය කරන බවට අමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ තර්ජනයද නොතකායි.
යුක්රේනයේ රුසියානු යුද්ධය සහ ගාසාහි ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ, එමෙන්ම අමෙරිකානු ආගමන විගමන භාරයේ පසුවද්දී සිදු වූ මරණ පිළිබඳවද පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටි ටර්ක්, ප්‍රබල බලවතුන්ට අභියෝග කිරීමට දැක්වූ කැමැත්ත හේතුවෙන් මෙම රටවල් තුනෙන්ම දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.
මෙම ඡන්ද විමසීම මගින් ට්‍රම්ප් පරිපාලනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර වර්ධනය වන ගැටුම මැනවින් ඉස්මතු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන අරමුදල් කපා හැර ඇති අතර, එක්සත් ජාතීන්ගේ ආයතන ගණනාවකින් ඉවත් වී තිබෙනවා.
ගෝලීය වශයෙන් ඒකාධිපති පාලනයන්ගේ බලපෑම වැඩිවෙමින් පවතින බැවින් මානව හිමිකම් තනතුර කවදාටත් වඩා තීරණාත්මක බව මානව හිමිකම් කණ්ඩායම් පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා මණ්ඩලයේ බහුතරයක් ටර්ක්ගේ ධුර කාලය 2026 අවසානය දක්වා මාස දෙකකට පමනක් දීර්ඝ කිරීමට රුසියාව ඉදිරිපත් කළ විකල්ප යෝජනාවට එරෙහිව ඡන්දය දී තිබෙනවා.
ලබන දෙසැම්බර් මාසයේදී තනතුරෙන් ඉවත් වන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres), ඔක්තෝබර් මාසයේදී ටර්ක්ගේ පවතින ධුර කාලය අවසන් වූ පසු ඔහු සඳහා දෙවන වසර හතරක ධුර කාලයක් යෝජනා කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ගුටරෙස්ගේ යෝජනාවට පක්ෂව රටවල් 144ක්, විරුද්ධව ඡන්ද 10ක් සහ ඡන්දය දීමෙන් වැළකී සිටීම් 13ක් ලබා දෙමින් මහා මණ්ඩලය එම යෝජනාවට සහය පළ කර තිබෙනවා.

Latest News
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026
බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි: බලපත්‍ර නැති විදේශීය මත්පැන් තොගයක්ද සොයාගැනේ
Local
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය
Local
26 July 2026
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026
හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිසියෙන් බේරුණු හෝමාගම ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
Local
26 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න: නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Local
26 July 2026
හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියාවෙන් මරුට
Local
26 July 2026
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026