අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ගොඩගැසීම පාලනය කර ජනතාවට කඩිනම් සහනයක් සැලසීම වෙනුවෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණවල නඩු ගොඩගැසීම හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාවෙන් ඔවුන් මුදා ගන්නා බවට රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව ඉටු කිරීම සඳහා අධිකරණ පද්ධතිය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවතින සාධාරණ හේතු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා.
"1978 වසරේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරන විට මෙරට උපතේදී අපේක්ෂිත ආයු කාලය අවුරුදු 66-67ක් පමණ වුණා. නමුත් අද වන විට සෞඛ්‍ය පහසුකම් දියුණු වීමත් සමඟ එය අවුරුදු 76-78 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ වගේම පසුගිය කාලයේ වෘත්තිකයන් රට හැර යාම නිසා ක්ෂේත්රයේ යම් පුරප්පාඩු ප්‍රමාණයක් ද පවතිනවා. මේ කරුණු සලකා බලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම කෙරෙහි රජය සාධාරණ ලෙස ඇහුම්කන් දී තිබෙනවා."
මීට පෙර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවුවද, ඊට සාපේක්ෂව විශ්‍රාම වයස ඉහළ නැංවීමක් සිදු නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම පියවර හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද පවසා සිටියා.

Latest News
ලොව දීර්ඝතම සහ අඛණ්ඩ ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් විසින් සිදු කරයි
Local
29 July 2026
නව මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට ළඟා වෙයි
Local
29 July 2026
ආර්ථික සහ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට "2025ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා"
Local
29 July 2026
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026