International27 July 2026

රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා ඉඩ තබමින් අමෙරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවයි

රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා වැඩි කාලයක් සහ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එල්ල කරන ප්‍රහාර පිට පිට දෙවැනි රාත්‍රියටත් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව තහවුරු කර තිබෙනවා.

රාජ්‍යතන්ත්‍රික විසඳුමකට එළැඹීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි තානාපතිවරයා සඳහන් කළේ.

මේ අතර, අමෙරිකාවේ මෙම පියවරත් සමඟ ඉරානය ද කලාපය තුළ එල්ල කරමින් සිටි "ප්‍රතිප්‍රහාර" තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉරාන හමුදා ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes