General03 August 2026

අයහපත් කාලගුණය හෙට දහවල් අඩුවේ: ටයිෆූන් බලපෑමෙන් 06 වැනිදා සිට නැවතත් වැසි

දිවයින පුරා දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හෙට (04) උදෑසන දක්වා පවතිනු ඇති බවත් දහවල් කාලය වනවිට එහි අඩුවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, ජපානයට දකුණින් පැසිෆික් සාගරයේ ඇති වී තිබෙන ටයිෆූන් (Typhoon) කුණාටුවේ බලපෑම හේතුවෙන් ලබන 06 වැනිදා සිට නැවතත් දින කිහිපයක් මෙරටට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes