General03 August 2026

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ 2,331ක් පීඩාවට: 6ක් අතුරුදන්

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 581කට අයත් පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා.

අද (03) 4.00 පමණ වන විට මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බව ද දිස්ත්‍රික් ‍ලේකම්වරිය සඳහන් කරනවා.

මෙම අතුරුදන්වීම්වලින් ගංවතුරට හසුවීමෙන් පුද්ගලයින් 02නෙක් සහ නායයාම හේතුවෙන් අතුරුදන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 04ක් බවද ඇය සඳහන් කළා.

මෙම සිදුවීමෙන් තුවල ලද පුද්ගලයන් තිදෙනෙක් සිටින බවයි ඇය පැවසුවේ.

විපතට පත් පවුල් 439කට අයත් පුද්ගලයින් 1,743 දෙනෙක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 07ක රඳවා තබා ඇති අතර ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

 
 
Related recommendation
Hiru TV News | Programmes