General04 August 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

පසුගියදා මෙම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතියද හිමිවුණා.

කෙසේ වෙතත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා දීර්ඝ කිරීමයට නීතීඥ සංගමය ඇතුළු පාර්ශව රැසක් විරෝධය පළ කරනවා.
Related recommendation
Hiru TV News | Programmes