ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පසුගිය දින කිහිපය තුළ සිදු වූ පාතාල ගැටුම් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් පත්කර තිබෙනවා.
එසේම රත්මලාන ප්‍රදේශයේ දෙමහල් නිවසකට අද (05) උදෑසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයද සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ නිවසේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දැනට විදේශගත රසල් ඇලෝසියස් ස්මිත් නමැත්තාගේ ළඟම ඥාතියෙකු බවටයි වාර්තා වන්නේ.
අත්බෝම්බ දෙකක් මෙහිදී එල්ල වී තිබූ අතර ඉන් එකක් පුපුරා ගොස් අනෙක් අත්බෝම්බය පහළ මහලට වැටී තිබෙනවා.
ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර නිවෙසේ පහළ මහලේ ජනේලයක වීදුරු බිඳීගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ඇල්ටෝ ධර්මේ, කුඩු අංජු නමැත්තා සහ රසල් ස්මිත් අතර කලක පටන් ගැටුමක් පවතින අතර මෙම අත්බෝම්බ ප්‍රහාරයට එහි සබඳතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම දෙහිවල, කඩවත පාර දහනායක ක්‍රීඩාංගණය අසල පිහිටි බේකරියක හිමිකරුවෙකු ඉලක්ක කරමින් ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සැන්ඩෝ නමැත්තාගේ පාර්ශවයෙන් සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
වෙඩි තැබීමේ උත්සහය ව්‍යර්ථ වුවත් එහි ඉලක්කය වූ බවට විශ්වාස කෙරෙන බේකරි හිමිකරුගේ පුත්‍රයා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නමැත්තාගේ ගෝලයෙකු බව වාර්තා වනවා.
ඔහු මේ වන විට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ බෙදාහැරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවයි පොලිසිය කියා සිටියේ.
මේ අතර පසුගිය දින කිහිපය තුළදී දෙහිවල, බොරලැස්ගමුව සහ ගල්කිස්ස යන ප්‍රදේශවල වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වුණා.

Latest News
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026
ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව – ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග
Local
07 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
දළුපොත බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට ආරක්ෂක අංශ
Local
07 August 2026
රුපියලට හීනි ටොක්කක් - ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.15
Local
07 August 2026
මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්: නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
Local
07 August 2026
බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන විපක්ෂ නායක සජිත් අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි
Local
07 August 2026
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
Local
07 August 2026
තායිලන්ත පාසලක වෙඩි තැබීමකින් ගුරුවරියක් මරුට: සිව්දෙනෙකුට තුවාල
Local
07 August 2026
බුලත්සිංහල අමරේගෙදර වංගුවේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 14කට තුවාල
Local
07 August 2026