ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් සහ ප්‍රතිසංස්කරණ යන රැකියා ක්ෂේත්‍ර සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය හෙට (10) විවෘත කිරීමට නියමිත බව එම කාර්යාංශය පවසනවා.
www(dot)slbfe(dot)lk යන කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට මෙම රැකියා සඳහා අයදුම්කිරීමේ අවස්ථාව හිමිවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
ඒ අනුව, අවන්හල් ක්ෂේත්රය සඳහා අයදුම්කරුවන් 4,000ක් ලියාපදිංචි කිරීම වෙනුවෙන් හෙට දින (10) පස්වරු 12.00 ට මෙම වෙබ් ද්වාරය විවෘත කෙරෙන බවයි සඳහන් වන්නේ.
වයස අවුරුදු 25ත් 40ත් අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, අවම වශයෙන් ආපනශාලා මුළුතැන්ගෙහි වසරක සේවා පළපුරුද්දක්, වසර 8ක පාසල් අධ්‍යාපනයක් සහ මනා ඉංග්‍රීසි දැනුමක් තිබීම අනිවාර්ය බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.
මීට අමතරව, මීට ඉහත ඊශ්‍රායලයේ සේවය කර නොමැති සහ දෙමාපියන්, බිරිඳ හෝ දරුවන් ඊශ්‍රායලයේ සේවය නොකරන පුද්ගලයින්ට පමණක් මේ සඳහා අවස්ථාව හිමිවන බවයි එම කාර්යාංශය සඳහන් වන්නේ.
ශාරීරික හා මානසික නිරෝගීභාවයෙන් යුතුව, බර ඉසිලීම, දිගු වේලාවක් සිටගෙන වැඩකිරීම සහ උපකරණ අතින් සේදීම වැනි කාර්යයන් කළ හැකි විය යුතුය.
ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්රය යටතේ පොටි ඇඳීම හා ජිප්සම් බෝඩ් වැඩ, විදුලි පෙට්ටි සවිකිරීම හා බ්ලොක්ගල් බිත්ති බැඳීම, කපරාරු වැඩ, සහ සෙරමික් ටයිල් වැඩ යන ක්ෂේත්‍ර 4 සඳහා එක් ක්ෂේත්රයකට අයදුම්කරුවන් 3,000ක් බැගින් මුළු ශ්‍රමිකයින් 12,000ක් ලියාපදිංචි කිරීමට නියමිත බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.
එම වෙබ් ද්වාරය හෙට (10) පස්වරු 2.00 ට විවෘත වන බවයි සඳහන් වන්නේ.
මෙම ක්ෂේත්රය සඳහා වයස අවුරුදු 25ත් 45ත් අතර, වසර 10ක පාසල් අධ්‍යාපනයක් සහ මූලික මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් ඇති, මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති සහ පවුලේ සාමාජිකයන් එරට නොමැති පුද්ගලයින්ට අයදුම් කළ හැකි බවයි සඳහන් වන්නේ.
මීට පෙර ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයේ රැකියා සඳහා අයදුම් කර අවසන් පරීක්ෂණයෙන් අසමත් වූවන්ට යළි අයදුම්කිරීමට නොහැකි වුවද, ඊශ්‍රායලයේ වෙනත් ක්ෂේත්රවල රැකියා සඳහා අයදුම් කළ පුද්ගලයින්ට මෙම කාණ්ඩ 4 සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි එම කාර්යාංශය පවසන්නේ.
මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීමේදී පළපුරුද්ද පරික්ෂා කරනු ලබන්නේ සුදුසුකම්ලත් ඊශ්‍රායල් නියෝජිතයින් විසින් වන බැවින්, තමන්ට මනා වෘත්තීය හැකියාව සහ නිසි සුදුසුකම් ඇති ක්ෂේත්රය සඳහා පමණක් අයැදුම් කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.
Latest News
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026