General09 August 2026

බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු

බන්ධනාගාරගතව සිටින සහෝදරයා බැලීමට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාගේ සහෝදරයෙක් කළුතර බන්ධනාගාරයෙහි සිටින බවත් ඔහු බැලීම සදහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවත් සඳහන්.

මිල්ලනිය, බටගොඩ මාර්ගයේ දෛනික රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාර්ග බාධකයකදී මොවුන් පරීක්ෂා කිරීමේදී කෑම පැකට් දෙකක චිලි පේස් අඩංගු පොලිතින් කවරයේ චිලි පේස්ට් අතර සඟවා තිබූ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12400ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී වූ බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් මාර්ග බාධකයට ඈතින් යතුරුපැදිය නවතා සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඔවුන් ගමන් කළ යතුරුපැදිය හා ජංගම දුරකථනයද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.

මොවුන්ට විරුද්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවද විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

ඉදිරි විමර්ශන අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරින් විසින් සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes