බන්ධනාගාරගතව සිටින සහෝදරයා බැලීමට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාගේ සහෝදරයෙක් කළුතර බන්ධනාගාරයෙහි සිටින බවත් ඔහු බැලීම සදහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවත් සඳහන්.
මිල්ලනිය, බටගොඩ මාර්ගයේ දෛනික රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාර්ග බාධකයකදී මොවුන් පරීක්ෂා කිරීමේදී කෑම පැකට් දෙකක චිලි පේස් අඩංගු පොලිතින් කවරයේ චිලි පේස්ට් අතර සඟවා තිබූ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12400ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී වූ බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් මාර්ග බාධකයට ඈතින් යතුරුපැදිය නවතා සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.
ඔවුන් ගමන් කළ යතුරුපැදිය හා ජංගම දුරකථනයද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.
මොවුන්ට විරුද්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවද විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
ඉදිරි විමර්ශන අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරින් විසින් සිදු කරනු ලබනවා.
Latest News
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026
විනිසුරුවරුන් විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව පොදු යහපත වෙනුවෙන් බවට ජනපති නීතිඥ සංගමය හමුවේ අවධාරණය කරයි
Local
12 August 2026
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක්: තුවාලකරුවෙක් රෝහලට
Local
12 August 2026
චීනයේ හිටපු අගමැති Zhu Rongji අභාවප්‍රාප්ත වෙයි
Local
12 August 2026
අකිල විරාජ්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
12 August 2026
බන්ධනාගාරයට කුඩු යැවූ නියාමකයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
Local
12 August 2026
RIB දත්ත කළමනාකරණ සම්මාන උළෙලේදී HNB Financeට රජත සම්මානය
Local
12 August 2026
වාග් චිකිත්සකවරුන් 52කට පත්වීම්
Local
12 August 2026
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන විද්වත් සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නැයි නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026