General09 August 2026

යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ඊයේ (08) දින මහනුවරදී මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි අතිපූජ්‍ය මහානාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

මෙම අවස්ථාවේදී, යුද හමුදාපතිවරයා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානාහිමියන් ද, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ සද්ධර්මවාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

එමෙන්ම, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම මහ නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් ක‍ළේ.
Related recommendation
Hiru TV News | Programmes