International22 August 2026

ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ටෝකියෝ අගනුවර ඇතුළු නැගෙනහිර කන්ටෝ (Kanto) කලාපය ආශ්‍රිතව ජපාන වේලාවෙන් අලුයම 2.00 ට පමණ රික්ටර් මාපක 5.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

දකුණු ඉබරාකි (Ibaraki) ප්‍රාන්තය මූලික කරගනිමින් භූමිය අභ්‍යන්තරයේ කිලෝමීටර් 70 ක් ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන ඇති අතර, ඉන් සුනාමි තර්ජනයක් මතුව නොමැති බව බලධාරීහු තහවුරු කර ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.

එන්.එච්.කේ. (NHK) පුවත් සේවයට අනුව, සයිතමා, චීබා සහ ටෝකියෝහි ඇතැම් ප්‍රදේශවලට මට්ටම 2ක දිගුකාලීන භූ චලන තත්ත්වයක් (long-period ground motion) නිරීක්ෂණය වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ උසස් ගොඩනැගිලි (high-rise buildings) සැලකිය යුතු ලෙස සෙලවීමට ලක්ව ඇති අතර, පුද්ගලයන්ට ස්ථාවරව සිටගැනීමට අපහසු වීම මෙන්ම ගෘහ භාණ්ඩ පෙරළී යාමේ තත්ත්වයන් ද වාර්තා වූ බවයි එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ.

මූලාශ්‍රය - The Japan Times
Related recommendation
Hiru TV News | Programmes