General24 August 2026

වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා

දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වනවිට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය ලබන මස අග පමණ වන තෙක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටියේ.

මෙවැනි පසුබිමික අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල පවුල් 25,628 ක පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ එම දිස්ත්‍රික්කවල ජල අර්බුදයෙන් පීඩාවට පත් 72,153කට පානීය ජලය බෙදාදීම සිදුකර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes