General25 August 2026

‘බස් ලලිත්’ ගෙන ආ පුවතට හංවැල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවගෙන් සැමරුම්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලිත් මෙරටට් රැගෙන ඒම සම්බන්ධයෙන් හංවැල්ල, වටරැක, මීගොඩ සහ ගලගෙදර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වා සිය සතුට පළ කර තිබෙනවා.

මීට අමතරව එම ප්‍රදේශවල බැනර් ප්‍රදර්ශනය කර රජයට ස්තුති කර තිබුණා.

එම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, බස් ලලිත් විසින් සිඟමන් යදින්නන් ඇතුළු සියලු දෙනාගෙන් රුපියල් සියයේ සිට ලක්ෂ ගණනින් කප්පම් ගත් බවයි.
Related recommendation
Hiru TV News | Programmes