General28 August 2026

22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත්, එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා එම කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර සහ විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ.සරත් ලාල් පෙරේරා විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes