General28 August 2026

සෙව්වන්දිගෙන් කට උත්තර ගන්න CCDය අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යන්න අධිකරණයෙන් අවසර පතයි

ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සිදු කරනු ලබන විමර්ශනවලට අදාලව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දී නමැත්තියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාලව මෝෂමක් ගොනුකරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන සදහා මෙම සැකකාරියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවයි.

ලබන 2 දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණ‍යෙන් ඉල්ලා සිටියේ.

ඒ සඳහා බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අදාල නියෝගය නිකුත් කළා.
Related recommendation
Hiru TV News | Programmes