General30 August 2026

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට GMOA තීරණය කරයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) තීරණය කළ බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය රැකගැනීම උදෙසා ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහායි එම සංගමය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම‍යේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගත් බවත් ඉදිරියට රජයේ නීතිඥ සංගමය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes