International30 August 2026

උතුරු ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක් : අයෙක් මියගොස් 5කට තුවාල

උතුරු ස්විට්සර්ලන්තයේ පැවති උත්සවයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේවෙතත්, නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.

නගරයේ පිහිටි රේස් පිටිය, පිහිනුම් තටාකය සහ ක්‍රීඩා පිටියට යාබද ප්‍රදේශය මේ වන විට වසා දමා ඇති අතර, ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැඩිව දන්වා ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes