කිරින්ද පොලිස් සැරයන්වරයෙකු අතුරුදන් – දින 5කට පසු පොලිසියට පැමිණිල්ලක්
කිරින්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු අතුරුදන්ව ඇති බවට කිරින්ද පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 43 හැවිරිදි අලහකෝන් ආරච්චිලාගේ මනෝජ් ලක්මාල් අලහකෝන් නමැති පොලිස් සැරයන්වරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් තොරතුරුවලට අනුව, ඔහු තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කරමින් සිටියදී තාවකාලික ස්ථාන මාරු නියෝගයකට අනුව අගෝස්තු 20 වනදා රාජකාරියෙන් පසු තංගල්ල පොලිස් ස්ථානය වෙත ගොස් තිබෙනවා.
අගෝස්තු 21 වනදා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රාජකාරි කළ ඔහු පසුව යළි කිරින්ද පොලිස් ස්ථානය වෙත වාර්තා කර ඇති බව සඳහන්.
අගෝස්තු 22 වනදා උදෑසන කිරින්ද පොලිස් ස්ථානයේ පිටවීමේ සටහනක් යොදා තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි සඳහා ඔහු පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, අගෝස්තු 23 වනදා අලුයම ඔහු නිවසින් පිටව ගොස් ඇති අතර, තමන් භාවිත කළ ජංගම දුරකථනය සහ සිම්පතද නිවසේ තබා ගොස් ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වනවා.
එතැන් සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවද පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 1,500 ඉක්මවයි
Local
01 September 2026
කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පානදුර නිලංගගේ මස්සිනා
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම අද ඇරඹේ
Local
01 September 2026
අමෙරිකානු යුද ලේකම්වරයා ඉල්ලා අස්වෙයි
Local
01 September 2026
රුසියා-චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පුටින් සහ ෂී එකඟ වෙයි
Local
01 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12:10ට හිරු මුදුන් වෙයි
Local
01 September 2026
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026