General30 August 2026

සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට

කම්කරු දෙපාර්තමේන්තුව සමග හෙට (31) දිනයේදී සාකච්ඡාවක් පවත්වා ඉන් අනතුරුව සෙවණගල කර්මාන්තශාලා සේවකයින් සමග සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරෝත්තු වන බව ලංකා සීනි සමාගම පවසනවා. 

අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඩී. උදයකුමාර් කියා සිටියේ දැනට නෙලා ඇති උක්, පැල්වත්ත කර්මාන්තශාලාව වෙත ගෙන ගොස් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

සෙවනගල සීනි කර්මාන්තශාලාව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කළා.

ඒ පසුගිය 25 වනදා සිට සේවක පිරිසක් රාජකාරි කටයුතුවලින් බැහැරවීම සහ නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන්.

එම තත්ත්වය හමුවේ සාමාන්‍ය මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස අඩාල වී ඇති බවද වාර්තා වුණා.

මෙම තත්ත්වය ආයතනයේ මූල්‍ය තත්ත්වයට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කර ඇති අතර, ඒ අනුව කර්මාන්තශාලාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි එහි කළමනාකාරීත්වය ප්‍රකාශ කර ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes