General30 August 2026

නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප

නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදී, එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියට හානි කිරීමේ චෝදනාව මත ජාතික ජන බලවේගයේ (NPP) පළාත් පාලන මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුට අයත් මෙම නිවස වෙත ගල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති මෙම පිරිස, නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා ද කඩා දමා ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත දුරකථනය ඔස්සේ කරන ලද දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, අදාළ ස්ථානයට ගොස් සැකකරුවන් පිරිස වටලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිස් ස්ථානය වෙත රැගෙන ආ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes