ඉන්දීය නාවික හමුදාවේ ආරාධනයකට අනුව ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, දෙරටේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් පැවති උපාය මාර්ගික මට්ටමේ සාකච්ඡා සඳහා සහභාගී වීමෙන් අනතුරුව අද (30) යළි දිවයිනට පැමිණ තිබේ.
නාවික හමුදාපතිවරයා නවදිල්ලි නුවර සවුත් බ්ලොක් පරිශ්‍රයේ පිහිටි ඉන්දීය නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබුණේ ඉකුත් (27) වැනිදායි. එහිදී විදෙස් නාවික හමුදාපතිවරයෙකුට පිරිනැමෙන ඉහළම සම්ප්‍රදායානුකූල ගෞරව සහිත සම්මාන ආචාර මුරයක් ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාට හිමිව තිබුණා.
අනතුරුව, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ක්‍රිෂ්ණා ස්වාමිනාදන් හමුවී ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, ද්විපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ ධාරිතා සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
මෙම සංචාරය අතරතුර හමුදාපතිවරයා ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එන්.එස්. රාජා සුබ්‍රමනි, ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං සහ ඉන්දීය ගුවන් හමුදා උප ප්‍රධානී එයාර් මාර්ෂල් අසුතෝෂ් ඩික්සිත් හමුවී ඇති අතර, එහිදී ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා සැලසුම් සහ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් කෙරෙහි විශේෂ සාකච්ඡා පවත්වා තිබු බවයි නාවික හමුදාව සඳහන් කළේ.
තවද, කේරල ප්‍රාන්තයේ කෝචි නුවර පිහිටි දකුණු නාවික විධාන මූලස්ථානයේදී, දකුණු නාවික විධානයට අණදෙන ධජ නිලධාරී වයිස් අද්මිරාල් සමීර් සක්සේනා හමුවී පුහුණු හුවමාරු වැඩසටහන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් හමුදාපතිවරයා, අවි සහ මිසයිල පිළිබඳ පාඨමාලා හැදෑරෙන 'INS Dronacharya' පුහුණු පාසල ද නිරීක්ෂණය කර තිබුණා.
මෙවැනි නිල සංචාර මඟින් දෙරට අතර ගොඩනැගෙන මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකා නාවික හමුදාවට ධාරිතා වර්ධනය හා පුහුණු අවස්ථා හිමිවන අතරම, එය ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටද විශාල දායකත්වයක් වනු ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
Latest News
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වී ලබා දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක්
Local
09 September 2026
ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය හුදෙකලා කරුණු නොවේ – රාජ්නාත් සිං
Local
09 September 2026
දේශීය රන් මිල රුපියල් 2000කින් පහළ බසී
Local
09 September 2026
විමල්, ගම්මන්පිල ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති, අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ගැන ඉදිරි පියවර ගැනීමට නියෝග
Local
09 September 2026