General30 August 2026

පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, පෙට්‍රල් 92 ඔක්ටේන් සහ පෙට්‍රල් 95 ඔක්ටේන් මිල ගණන් පහළ දමා ඇති අතර, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර ඇත්තේ නැහැ.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399.00 ක්. (පැවැති මිල රු. 414.00)

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 475.00 ක්. (පැවැති මිල රු. 495.00)

ලංකා සුදු ඩීසල් මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 382.00 ක් ලෙසත්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 478.00 ක් ලෙසත්, භූමිතෙල් මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 285.00 ක් ලෙසත් පවතිනු ඇති.

එමෙන්ම, සිපෙට්කෝ මිලට සමගාමීව ලංකා IOC මිල ගණන්ද සංශෝධනය කළ බවයි එම සමාගම සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes