General31 August 2026

රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණියා.

ඒ, ජාතික ලොතරුයි මණ්ඩලයට සේවකයන් බදවා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කළ කැදවීමකට අනුවයි.

එම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට පැමිණ තිබුණේ නැහැ.

මේ නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ද ගොස් තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes