International31 August 2026

නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට

නේපාල - ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 4,700කට අධික පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.

මෙම හදිසි ගංවතුරින් පාසැල් සිසුන් 200කට අධික සංඛ්‍යාවක් අතුරුදන්වී ඇති බව නේපාල අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

මේ අතර නේපාලයේ මෘතදේහ සංඛ්‍යාව ඉහළ යාමෙන් රෝහල් තුළ මෘතශරීරාගාර ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ප්‍රදේශයේ සාමූහිකව මිහිදන් කිරීම ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම නේපාලයේ හදිසි ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන් බලපෑමට ලක්වූ ජල විදුලි ව්‍යාපෘතිවල උමං මාර්ග තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් දිවා - රාත්‍රී අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ට්‍රිෂුලි- 3A මෙන්ම ඉහළ ට්‍රිෂුලි යන ජල විදුලි ව්‍යාපෘති කිහිපයකම උමං මාර්ග තුළ පුද්ගලයින් 933කට ආසන්න පිරිසක් සිරවී ඇති බවටයි සැකපළ කරන්නේ.

කෙසේවෙතත් අවදානම් සහගත කාලගුණික තත්ත්වය සහ උමං මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් මෙහෙයුම් අතිශය දුෂ්කර වී ඇති බව ද වාර්තාවනවා.

මෙම උමං මාර්ග තුළ සිරවූවන් සහ ගංවතුර හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් සහ චීනයෙන් විශේෂඥ කණ්ඩායම්, වෛද්‍යවරුන් සහ උමං මාර්ග ගැලවුම්කරුවන් නේපාලය වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය
පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes