General31 August 2026

අත්අඩංගුවට ගත් රවී කරුණානායක අධිකරණයට රැගෙන එයි

අද (31) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පා. මන්ත්‍රී රවී කරුණානායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එනු ලැබුවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට පාඩු සිදුකළ බවට වන චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මේ වන විට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර නඩු විභාගය පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes