හොරණ ප්‍රදේශ රැසක මහා මාර්ගයේ ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ සිදුවීම් මාලාවකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු හොරණ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතරට මෙම අපරාධ සඳහා අනුබල දුන් එක් සැකකරුවෙකුගේ මව සහ අනෙක් සැකකරුගේ නැන්දණිය ද ඇතුළත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නාර්තුපාන සහ බැල්ලපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 35 පසුවන මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 25 වැනිදා සිට සතියක් වැනි කෙටි කාලයක් තුළ යතුරුපැදියකින් පැමිණ ස්ථාන හතරකදී මංකොල්ලකෑම් සිදුකර තිබෙනවා.
CCTV දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලිසිය මගින් සැකකරුවන් කොටුකරගෙන තිබෙනවා.
පොලිස් වැටලීම අවස්ථාවේදී එක් සැකකරුවෙකු විසින් මංකොල්ලකන ලද රන්මාලයක් ගිලදමා ඇති අතර, පසුව සිදුකළ X-Ray පරීක්ෂාවකින් ඒ බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුව හොරණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර රෝහල්ගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කොල්ලකෑම් සඳහා භාවිතා කළ යතුරුපැදිය, සොරකම් කරන ලද රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදි දෙකක් සහ උකස් කිරීමට රැගෙන යමින් තිබූ හා උකස් කර තිබූ රන් භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Latest News
මහා ක්‍රිකට් තරග ඇතුළු පාසල් උත්සවවල මත්ද්‍රව්‍ය භාවිතය තහනම් : අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි නියෝගයක්
Local
05 September 2026
මාලිමා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ගමනක: විපක්ෂ නායක සජිත්
Local
05 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්: ජන රැළිය වළක්වන්න බෑ - පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි 8 දෙනෙකු නාවික හමුදාව මුදාගනී
Local
05 September 2026
ග්ලාස්ගෝ දිය ඇල්ල අසලදී තරුණයින් දෙදෙනෙකු ගිලී මරුට
Local
05 September 2026
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026