තායිලන්තයට ඇතුළුවීමේදී මීට පෙර හිමිව තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලාංකිකයින් එරටට ඇතුළු වී නීති විරෝධී ක්‍රියා සිදුකිරීම බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
තායිලන්තයේ මෙම තීරණය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තායිලන්ත රජය සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන බවයි.
මෙරට විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මෙතෙක් තායිලන්තයට ඇතුළුවීම සඳහා හිමිව තිබූ වීසා රහිත පහසුකම මේ මස 15 වැනිදා සිට අත්හිටුවීමට තායිලන්ත බලධාරීන් පසුගියදා පියවර ගත්තා.
එරට සංක්‍රමණික සහ කෙටි කාලීන සංචාරක නීති පද්ධතියේ සිදු කෙරුණු පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මෙම සංශෝධනය ක්‍රියාත්මක වන අතර, ඒ අනුව ලබන 15 වැනිදා හෝ ඊට පසුව තායිලන්තයට ගමන් ගන්නා සියලුම ශ්‍රී ලාංකිකයන් ගමන ආරම්භ කිරීමට පෙර නිසි වීසා බලපත්‍රයක් ලබාගෙන තිබීම අනිවාර්ය වනවා.
තායිලන්ත රජය කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නගාසිටුවීම අරමුණු කරගනිමින් 2024 වසරේ ජූලි මාසයේදී විශේෂ කෙටි කාලීන වීසා සහනයක් හඳුන්වා දී තිබුණා.
ඒ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයන්ට දින 60ක කාලයක් දක්වා වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමි වුණා.

Latest News
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වී ලබා දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක්
Local
09 September 2026
ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය හුදෙකලා කරුණු නොවේ – රාජ්නාත් සිං
Local
09 September 2026
දේශීය රන් මිල රුපියල් 2000කින් පහළ බසී
Local
09 September 2026