අගවිනිසුරු ධුරයට බාහිරින් පුද්ගලයෙකු පත් කරනු එපා. - දේශහිතෛශීන්.

Thursday, 03 January 2013 - 13:26

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%81%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.

කොළඹ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමු කිහිපයකදී ද අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර කියා සිටියේ අගවිනිසුරුවරිය ඉවත් කර අගවිනිසුරු ධුරයට පුද්ගලයෙකු පත් කිරීමේදී බාහිරින් පුද්ගලයෙකු පත් නොකළ යුතු බවයි.

[MP3]s50732_1[/MP3]

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සම්පත් අමරතුංගයි. එහිදී ඔහු කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු වැරදිකර ඇත්නම් නීතියට අනුව දඩුවම් ලබාදිය යුතු බවයි.

[MP3]s50732_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories