විනිසුරු විනය කටයුතු ගැන නව ක්‍රමවේදයකට රජයේ අවදානය.

Wednesday, 23 January 2013 - 7:44

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.


විනිසුරු විනිශ්චයන් පිළිබඳව නව ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙනවා. රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පෙරේදා රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානයෙ යොමුවූ බවයි. විනිසුරුවන් තීන්දු ලබාදීමේදී විද්‍යාත්මක පදනමක් මත සාධාරණ තීන්දු ලබාදෙන ආකාරයට අධිකරණ පද්ධතිය සකස් කළ යුතු බවට ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. පසුගිය කාලය තුළ විනිසුරුවන් විසින් ලබාදුන් ඇතැම් තීන්දු ජනතා විශ්වාසය පළුදු වන ආකාරයෙන් ලබාදී ඇති බැවින් මෙම ක්‍රමවේදය සකස් කළ යුතු බවයි ආණ්ඩු පක්ෂ නායකයින් පෙන්වාදී ඇත්තේ. මෙමගින් රජය අපේක්ෂා කරන්නේ ශක්තිමත් අධිකරණ පද්ධතියක් සකස් කිරීම බවද රජයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ද ඊයේ (22) රාත්‍රියේ රැස්වුණා. එහිදී රජිව් විජේසිංහ මන්ත්‍රීවරයා දෝෂාභියෝගයට ඡන්දය භාවිත නොකිරීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභිකයින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර සිටින රජිව් විජේසිංහ මන්ත්‍රීවරයා පක්ෂයේ තීරණ පිටුපා යමින් කටයුතු කිරීම මධ්‍යම කාරක සභාවේදී වැඩි වශයෙන් අවදානයට ලක්වූ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories