දිල්ලි සමූහ දූෂණයේ තීන්දුවක් අද.

Saturday, 31 August 2013 - 10:41

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF.

පසුගිය දෙසැම්බරයේ දිල්ලියේ බස් රථයක් තුළ දී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බාල වයස්කාර චූදිතයා පිළිබද තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. වයස අවුරුදු 17ක්ව තිබියදී ඔහු සම්බන්ධ වූ සිද්ධියේදී ස්ත්‍රී දූෂණය, මිනී මැරීම සහ අපරාධයේ සාක්ෂි විනාශ කිරීම යන චෝදනා එල්ල වී තිබෙනවා. මොහු සම්බන්ධයෙන් අධිකරණ විභාගය පවත්වන්නේ ඉන්දියාවේ බාල වයස්කාර අධිකරණයයි. සිද්ධියෙන් අනෙක් සැකකරුවන් පිළිබද නඩු විභාගය අධිවේගී අධිකරණයක සිදුකෙරෙන අතර, එහි තීන්දුව ද නුදුරේදීම ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි. ස්ත්‍රී දූෂකයන්ට මරණ දඩුවම ඇතුළු දැඩි දඩුවම් පැමිණවීමේ නීතියක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී පසුගිය දා සම්මත කර ගනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories