ගලේවෙල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරකෑමට ලක් වූ තුෂාර ප්‍රේමචන්ද්‍ර නමැති මෙම පොලිස් ස්ථානාධිපතිවරයා ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඇතුළු තවත් පිරිසක් වෑන් රථයකින් පැමිණ මෙම පහරදීම සිදුකර ඇත්තේ ගලේවෙල - බම්බාව ප්රදේශයේදීයි. රාජකාරි නිම කර ඔහු සිය නිවස වෙත ඊයේ රාත්‍රීයේ යමින් සිටියදී මෙම පහරදීම සිදුකර තිබුණා. ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගලේවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 18 සිකුරාදා - පස්වරු 12:55
---------------------------------------------------
ගලේවෙල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ප්‍රහාරයක්.
පෙර පුවත 2013 ඔක්තෝබර් 18 සිකුරාදා- පෙරවරු 10:56
ගලේවෙල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ඊයේ (17) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙනවා. පහරකෑමට ලක් වූ ඔහු ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇතුළු තවත් පිරිසක් වෑන් රථයකින් පැමිණ මෙම පහරදීම සිදුකර ඇත්තේ ගලේවෙල - බම්බාව ප්රදේශයේදීයි. පහරදීමට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කළා.
[JPG]69517_1[/JPG]
[JPG]69517_2[/JPG]
ඡායාරූප - කාංචන ආරියදාස - දඹුල්ල
Follow US
Most Viewed Stories