පාසල් දරුවන් කාමරයක සිර කිරීම පිළිබද පරීක්ෂණ.

Tuesday, 12 November 2013 - 12:50

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.
කඳාන - උතුරු බටගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු පමණ කාමරයකට දමා දොරගුළු වසා දැමීමේ සිද්ධිය පිළිබද පොලිස් පරීක්ෂණ අද (12) ආරම්භ වුණා. ඊයේ දිනයේ විදුහල්පතිවරයා විසින් මෙසේ සිසුන් කාමරයක දමා වසා දමා ඇති බවට එක් දරුවෙකුගේ පියෙකු කඳාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

 

පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා පාසලේ උත්සවයක් පැවැත්වුනා. ඊට පැමිණෙන්නැයි දැන්වූ සිසුන් ප්‍රමාණවත් අයුරින් උත්සවයට එක්නොවූ බව පවසමින් විදුහල්පතිවරයා අදාළ සිසුන්ව ඊයේ කාමරයකට දමා වසා තිබූ බවටයි පැමිණිල්ලේ සදහන් වන්නේ.

 

තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය අද (12) දිනයේ ප්‍රකාශයක් ලබා ගත් බව පැමිණිල්ල ඉදිරිපත් කළ පියා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

 
කෙසේ වෙතත්, මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි කඳාන - උතුරුබටගම ශාන්ත අන්තෝනි විදුහලේ විදුහල්පතිනී ඩබ්ලිව්.ඩබ්ලිව්. රූපසිංහ කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories