හල්දුම්මුල්ලේ විදුහල්පතිවරයෙකුට සිසු අපයෝජන චෝදනා.

Tuesday, 26 November 2013 - 7:56

%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

පාසල් සිසුන් 13 දෙනෙකු අපයෝජනයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත්  හපුතලේ - හල්දුම්මුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අද (26) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය 24 වන දා ළමාරක්ෂණ අධිකාරියට ලද තොරතුරකට අනුවයි මෙම විදුහල්පතිවරයා අදාළ පාසලේ දී හපුතලේ පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
සැකකාර විදුහල්පතිවරයා 2012 වර්ෂයේ සිට මෙම පාසලේ 7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන මෙම පිරිමි දරුවන් අපයෝජනයට ලක් කර තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ. 58 හැවිරිදි සැකකාර විදුහල්පතිවරයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි බව සඳහන්. අපයෝජනයට ලක්වූ පාසල් සිසුන් 13 දෙනා අද (26) අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දියතලාව මූලික රෝහලට යොමු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories